පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයකුගේ ආධාරකරුවකුගේ නිවස පිටුපස දරගොඩක සගවා තිබු ටී 56 ගිනි අවියක් හා තවත් උපකරණ රැසක් සමග ප්‍රධාන සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් අද (03දා) අලුයම අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කුරුණෑගල මාර්ගයෙ කල්අඩිය ප්‍රදේශයෙ පදිංචි 46 හැවිරිදි විවාහක පුද්ගලයකු වේ.
සැකකරු නාවික හමුදාවේ සේවයේ යෙදි සිට ඉන් ඉවත් වු අයකු බවද පරික්ෂණ වලදී සනාථ වි ඇති බවත් අදාල තැනැත්තා ප්‍රබල රාජ්‍ය ඇමතිවරයකුගේ ප්‍රබල ආධාරකරුවකු බව කියයි.
ගුවන් හමුදා බුද්ධි නිළධාරින්ට ලැබුන තොරතුරක් මත අද (03දා) පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් විසින් නිවස වටලා සෝදිසි කිරීමේදි නිවස පිටුපස දර ගොඩක සගවා තිබු ටි 56 ගිනි අවිය හා මැගසින් එකක් පිස්තෝල රදවන කවර දෙකක් හා සෙල්ලම් පිස්තෝලයක් හා අඩි 4 ක් පමන දිග කඩුවක් අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
කිසිවකුට සැක නොසිතන අයුරින් දර ගොඩ තුළ මෙම ගිනි අවි හා කඩුව සගවා තිබි ඇති බව වැටලිම සිදුකල නිළධාරින් පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු මේ වන විට රදවා ප්‍රශ්ණ කිරීම් අරඹා ඇති බව කියයි.
සිද්ධිය සම්බන්ධව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඒ. ජයමහ මහතාගේ උපදෙස් මත පුත්තලම සහකාර පොලිස් අධිකාරි බි.ඩි.අමරබන්දු මහතාගේ මෙහෙය විමේන් කොඨඨාශ අපරාධ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු.ආර්.ඒ.චන්ද්‍රසිරි ලාල්, පොලිස් පරික්ෂක එච්.ඒ. පතිරන යන මහත්වරුන් සමග තවත් නිළධාරින් රැසක් වැටලිමට එක්වි තිබුණි.
