රාජ්‍ය ආයතන විසින් ප්‍රසම්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම
අනිවාර්ය කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සිනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමටත්, සීමාසහිත ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දි ගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සෙවනගල හා පැලවත්ත කර්මාන්ත ශාලා මගින් වාර්ෂිකව දුඹුරු සිනි ටොන් 56000ක් පමණ වාර්ශිකව නිපදවනු ලබයි. උක්වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වසරේදී දුඹුරු සීනි නිපදවීම එම සීමාව අබිබවා ගොස් තිබේ.