රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප් , හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10 කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතීඥ රත්නසිරි කලුපහන මහතා ප්‍රකාශ කළේය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17 රූට් 2 පර්චස් 17 ක වපසරියකින් යුක්ත ඉඩමක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇති බව සභාපතිවරයා පැවසීය.
ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයින්ට මැයි මාසයට හිමි වැටුපෙන් රුපියල් හත්දහසක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් එල්ලවී තිබෙන සේවක විරෝධය සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතීඥ රත්නසිරි කලුපහන මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු අඩපණව පැවතීම නිසා ආයතනය වෙත ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයින්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටළුවක් වී ඇති බවද ලබා ගැනීමට හැකිවූ මුදලින් මේ ආකාරයට වැටුපෙන් කොටසක් ගෙවීමට පියවර ගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
සිය කැමැත්තෙන්ම විශ්‍රාම යාමට සූදානමින් සිටින සේවකයින් 1100 කට ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 2600 ක් පමණ අවශ්‍ය වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ මහා පරිමාණයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුවීම සහ යහපාලන ආණ්ඩුව කාලයේදී සීමාව ඉක්මවූ සේවකයින් පිරිසක් බඳවාගෙන තිබීමද මෙම ආයතන පවත්වාගෙන යාමට ඇතිවී තිබෙන ගැටළු බවද හෙතෙම සඳහන් කළේය.