රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (5) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.