"රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව" මේ වෙනවිට රාජ්‍ය ප්රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා මීට එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු යැයි ද පැවසීය.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මඟ තොටදී හිංසනයට ලක්වන බවත්, ඔවුන්ට තර්ජනය එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් තුළ නීතිඥ ප්‍රජාව වෙත බරපතළ වගකීමක් පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පුරවැසි පරපුරේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය ද පළ කළේය.
ප්රජාතන්ත්රවාදය,සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග අද (02දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
මර්ධනය තුළින් ආණ්ඩුව ජනතාවට ලබාදෙන පණිවිඩය වන්නේ අරගල නොකර "ඒවායින් ප්‍රවේසම් වීමට යන්න දැයි?,ජනරාශියට එරෙහි වීමෙන් ආණ්ඩුව ජනතාවට දෙන පණිවිඩය වන්නේ විරෝධතා නවත්වන්න යැයි ද?කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.
මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සහ කරනවා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. මේ රටේ නීතිඥ ප්‍රජාව මෙන්ම වගකිවයුතු සමස්ත පුරවැසියන්ද ආණ්ඩුවේ මේ ප්‍රචණ්ඩත්වයට එරෙහි බව ඒ මහතා පැවසීය.