සුෙර්ශ් සලෙයි රාජපක්ෂවරු උඩ දාන්නේ මාර හමුදා නිළධාරියා ලෙසත් , මාර බුද්ධ අංශ නිළධාරියා ලෙසත් යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.
ඒසේ මාර බුද්ධි අංශ නිළධාරියාට සතියක් දෙකක් හිරේ ඉන්නකොට කෙදි ගෑවෙන බවද ඔහු පවසයි. 2022 අරගලයේදී උද්ඝෝෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමාව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, සිරගත කර වද දුන් බව ඔහු ප්රකාශකරයි. ඉන් තමා අධිකරණ තීන්දුවක් මගින් නිදහස් වුනු බවත්, සුරේශ සලෙයිද නිර්දෝශී නම් අධිකරණයෙන් ඔප්පුවූ පසු ඇප ලබා පැමිණිය යුතු බවත් ඔහු වැඩි දුරත් ප්රකාශකොට සිටියි.
ඉන්ද්රමූර්ති ජයසූරිය