රාජපක්ෂ පවුලට ජනතා ප්‍රසාදය බොහෝ අඩුවෙයි - ප්‍රසාදය අඩුම දේශපාලඥයා බැසිල් ඊට පස්සේ නාමල්
මේ වන විට පාර්ලිමේන්තුව නියෝජය කරන දේශපාලඥයින් අතර ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයින් අතරට රාජපක්ෂ පවුලේ දේශපාලඥයින් පත්ව තිබේ.
ඒ අනුව ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්ව තිබෙන අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිටියි.
ඔවුන්ගේ ලකුණු පිළිවෙළින් -73ක් හා -64ක් වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතා ප්‍රසාදය -51ක් තිබෙන අතර මහින්ද රාජපක්ෂට ජනතා ප්‍රසාදය දැක්වෙන්නේ - 52ක් ලෙසිනි.
ජනතාව අතර ප්‍රසාදය හිමි දේශපාලඥයින් අතර ධන අගයක සිටින්නේ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේය. ඇයට ධන ලකුණු 8ක් හිමිව තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට ධන ලකුණක් හිමිව ඇති අතර ඔහුගේ අගය 1ක් ලෙස දැක්වෙයි
අනුර කුමාර දිසානායකට - 16 ක් හිමිව තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සෘණාත්මක ලකුණු 39ක් හිමිව තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.

popular news
-
Manoj Hemaratne Friday, 31 March 2023 06:55 AM
Useless news …. We expect more important news from the media and act more responsibly manner.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

