පැවැති ආර්ථික හා සාමාජිය ගැටලු විසඳිම වෙනුවෙන් තමන් දැඩි තීන්දු කිහිපයක් ගත් බවත් රාජපක්ෂවරුන් නොමැති කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත් කටයුතු කළ බව ජනපති ගෝඨාභය රාජපක්ස මහතා ජාතිය අමතමින් පැවැසීය.
එසේම නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වීමට කටයුතු කළ බවත් ඔහු පැවැසීය.
එසේම දිවයින පුරා ඇතිවූ නොසන්සුන්තාව ඇතිවීමට හේතුවූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම් දුන් බවත් ජනපතිවරයා පැවැසීය.
"පසුගිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී එවකට හිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමාණයක් ඒ වගේම රාජපක්ෂවරු සියලුදෙනාම නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ඇමති මණ්ඩලයක් පත් කළා. ඒ වගේම අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්නට එකඟතාවකට පැමිණියා."