රාජපක්ෂලාට මල් පාවඩ, ජනතාවට මල් වඩම්
වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජපක්ෂ රජ පවුල රටට අහිමි කළ භූමියේ අයිතිය, මුදල් නැවත ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටින බවත් එම ජනතා හඩට කන් දී සමගි ජනබලවේග රජයක් යටතේ මේ රටේ මහජන දේපල, මුදල් සූරා කාපූ මංකොල්ල කාපූ සියලු දේවල් නැවතත් රටට ගෙන එන බවත් වංචාවන් සදහා සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම අද (04) පැවැත්විණි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කටාන ප්‍රධාන ආසන සංවිධායක හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසිනි.
රාජපක්ෂලා බලයේ නොසිටිය ද වර්තමාන රජය රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත්, ප්රජාතන්ත්රීය අරගලයක නිරතව සිටි මේ රටේ තරුණ පරපුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන ඉතාමත් මිලේච්ඡ ආකාරයට මර්ධනය කරමින් සිටින බවත් මේ තරුණ මර්ධනයට, දඩයමට විපක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
popular news
-
A U Amaranth De SILVA Sunday, 04 September 2022 10:57 AM
Dear Mr.Sajith, now you do not have any agenda, just to critcize every thing you are just acting as a fool baby of your father, only knowing of talking in english. Great Leader , who has given the training from Ranil, president Ashamed of You, and continue like now, you will be at home
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

