රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් අනුවය.
එම පැමිණිල්ල අද (29) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය කෙරිණි.
එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අද දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එම පෙරට්ටුව අවලංගු විය.
ඊට අනතුරුව ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 12 වන දා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.
එතෙක් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කෙරිණි.