කීර්ති මන්ත්රීරත්න මහතා විසින් පරිත්‍යාග කළ නවීන බස් රථය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට පිරිනැමිණි.
මෙම බස් රථය ජපානයේ නිෂ්පාදිත ආසන 54කින් යුතු සුඛෝපභෝගී බස් රථයකි. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක මහතා වෙත බස් රථයේ යතුර පිරිනැමුවේය.