පලෙයි අයියකච්චි පළමුවන යාන්ත්රික බලඇණියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරි ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි.
මෙම සෙබළා ඊයේ (3දා) කඳවුරේ 03 වන ගේට්ටුව අසල මුර රාජකාරියේ යොදවා සිටියදී ඔහු මෙලෙස ගිනි අවිය රැගෙන කඳවුරෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් සැකකරු පසුපස හඹා අරවියර් නගර් ප්රදේශයේදී සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සෙබළා අඹන්පෙළ ප්රදේශයේ පදිංචි (29) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙලෙස ගිනි අවිය රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැකකරයි. පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.