මහියංගන පොලිසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු අද (6) උදෑසන පොලිස් විවේකාගාරය තුලදී ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ගෙන සිය දිවිනසාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ හසලක වේරගන් තොට බෝගහ මුලුවත්ත පදිංචි ව සිටි මහියංගන පොලිසිය ට අනියුක්තව සේවය කල උපපොලිස් පරීක්ෂක ඒ.එම්.උපසේන අත්තනායක (57) නැමති දෙදරු පියෙකු යැයි පොලිසිය කීය .
මොහු අද (6)උදැසන සේවයට වාර්තා කර වැටලීමට යාමට යයි පවසා ටී 56 වර්ගයේ ගිනිඅවිය ක් රැගෙන මහියංගන පොලිසියේ උපපොලිස් පරීක්ෂක විවේකාගාරයට ගොස් ඇති බවත් පසුව එහි ඇදක් මත නිදාගෙන මෙසේ ගිනිඅවිය යෙන් වෙඩි තබා ගෙන ඇති බවත් පොලිසිය සදහන් කලේය .
වෙඩි පහර වැදීමෙන් මොහුගේ ගෙල ප්‍රදේශයට, මුහුණට මෙන්ම හිසට බරපතළ තුවාල සිදුව ඇතයි පොලිසිය පැවසීය .
මොහු කාලයක් පුරා රෝගී තත්ත්වය කින් පෙලෙන බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් වෙඩි තබා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතයි පොලිසිය පවසයි .
මොහුගේ මළසිරුර දැනට මහියංගන පොලිසියේ උපපොලිස් පරීක්ෂක විවේකාගාරය සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂනය සිදු කිරිම සදහා තබා තිබෙන බවද පොලිසිය සදහන් කලේය
ඌව පලාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේශ් සේනාරත්න බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගන පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්/එන්. කේ. නිශ්ශංක