රසායනික පොහොර නොමැතිවීමත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් දහස් ගණනකගේ ජීවනෝපායන් සියල්ල නැවති තිබෙන බව වගාකරුවන් පවසති. මල් වැඩි වශයෙන් වගා කරන බණ්ඩාරවෙල,හපුතලේ,වැලිමඩ ප්‍රදේශවල වගා කර තිබෙන මල් සදහා රසායනික බෙහෙත් පොහොර නොමැතිවීමත් සමග වගා කර තිබෙන මල් වගාවන් සියල්ල විනාශවෙමින් තිබේ.
මල් වගාවට දිලීර රෝග හටගැනීම,මල් හට නොගැනීම,කෘමි සතුන්ගෙන් හානි සිදුවීම නිසා වගා භුමි වැඩි ප්‍රමාණයක් අතහැර දමා තිබෙන බව වගා කරුවන් පවසති.
බොරලන්දේ පදිංචි ඕෂධී දිලුපමා මහත්මිය.
අපි අතීතයේ ඉදලාම මල් වගා කරනවා එළවලු වගේ නොවෙයි මල් වලට නිතරම රසායනික බෙහෙත් පොහොර අවශ්‍යයි. ඒ කිසිවක් වෙළද පොළේ නොමැති නිසා වගා භුමි වල මල් හට ගන්නේ නෑ වගාවන් අතහැරලා තියෙනවා.කොම්පෝස්ට් පොහොර වලින් මල් වගා කරන්න බෑ. රසායනික පොහොර නැතිව ජීවනෝපායන් අහිමි වු මල් වගාකරුවන්ට වෙන ආදායමක් නෑ අපි අසරණයි.
වැලිමඩ ඩී.එම් අයිරාංගනී මහත්මිය.
ප්‍රදේශයේ මල් දේශිය හා විදේශීය වෙළදපොලට ලබාදී පසුගිය කාලයේ විශාල මුදලක් ලැබුවා මුළු දිවයිනටම මල් හා මල් පැළ දෙන්නේ වැලිමඩ ප්‍රදේශයෙන් දැන් වගා භුමි සියල්ල විනාශ වෙලා දේශිය හා විදේශිය වෙළදපොළ අපෙන් මල් ඉල්ලනවා දෙන්න මල් නෑ.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි

