රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඊයේ (03දා) සවස මිය ගොස් ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි දරුවෙකු වන අතර දරුවා රඹුටන් කමින් සිටි අවස්ථාවේ රඹුටන් ඇටය සිරවී ඇති අතර රඹුටන් ඇටයක් උගුරේ සිරවී හුස්ම ගැනීමට නොහැකිව අසනීප වී ඇති අවස්ථාවේදී දෙමාපියන් රඹුටන් ඇටය උගුරේ සිරවී ඇති බව නොදැන තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇත.
දරුවා රෝහලට ඇතුලත් කලද හුස්ම ගැනීමට අපහසු බව දෙමාපියන් පවසා ඇතත් රඹුටන් කෑම පිළිබඳව හෝ වෛද්‍යවරුන්ට එම අවස්ථාවේදීම නොපැවසීම මත දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවී ඇතැයිද රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා ඇත.
එලෙස මියගොස් ඇත්තේ යාපනය, කන්කසන්තුරය, කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි ධර්මරාසා දර්ෂිකන් නමැති දස හැවිරිදි පිරිමි දරුවකු බවද පරික්ෂණ සිදුකරන කන්කසන්තුරෙයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.