රඹුක්කන රෝහලේ සිව් මහල් අක්ෂි සංකීර්ණය විවෘත වෙයි

නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රුපියල් මිලියන 176.5 වැයකොට සබරගමු පළාත් සභාවේ සහ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ඉදිකරන ලද රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි ඒකකය හි නව සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය අද (09) විවෘත විය.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය රමේශ් පතිරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත්,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ,පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ ,හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් දේශපාලන අධිකාරියේ සියලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද දින මෙය ජනතා අයිතියට පත්කරන ලදි.
මෙහි ශල්‍යාගාර 3 කින් ද එකවර රෝගීන් 64 දෙනකුට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිම සදහා සියලු පහසුකම් සමන්විත වාට්ටු සංකීර්ණ දෙකකින් යුක්ත වෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

