රසායනික පොහොර තහනම් කිරීමට එවක කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් වූ විට පළමු පැයේදීම තමන් එයට විරුද්ධ වූ බවත් මෙම කරුණු තමන් කැබිනට් සාමූහිකත්වය හේතුවෙන් ප්‍රකාශ නොකළ බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවැදීය.
“පොහොර තහනම හරහා තේ කර්මාන්තයට ප්‍රභල ප්රහාරයක එල්ල වුණා. මම මෙතෙක් කල් මේක ප්රස්ද්ධියේ කිව්වේ නෑ. ඒක හොඳ තීන්දුවක් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට පළමු පැයේම මම විරුද්ධ වුණා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස.
දිගටම ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පදනම් වෙලා මේ කරුණ පිළිබඳව අපි සටන් කළා. හැබැයි මේවා ප්‍රසිද්ධියේ කියන්න ගියේ නැත්තේ මෙකෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා.
මෙකෙන් තේ වගාවට හානියක් වුණා. හැබැයි ඒ කරුණ යළි ආපසු හැරෙමින් තිබෙනවා. සියයට 60ක ඵලදාවක් අඩුවෙලා නෑ. මේ අවුරුද්දේ කිලෝ මිලියන 250ක පමණ අස්වැන්නකට යන්න පුළුවන් වෙයි”