පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය.
උමං මාර්ගයට ගම්පොල දෙසින් ඇති පිවිසුම ආසන්නයේ ම මෙම නායයෑම සිදුව ඇති අතර, ඉහල කඳු ප්රදේශය සිට මඩ සහිත ජල පහරක් උමං පිවිසුම ආසන්නයට කඩා වැටෙමින් තිබිණි.
නුවරඑළිය- ගම්පොල මාර්ගය තවලන්තැන්න ප්රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, නුවරඑළිය- ගම්පොල මාර්ගය වෙනුවට වෙනත් සුදුසු විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව කොත්මලේ ප්රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා කීය.
