කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතුරුදහන් ව ඇති බවත්, අතුරුදහන් වු තරුණයන් තිදෙනා සොයා පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇති බවත් නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතා පැවසිය.
වවුනියාවේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක පිරිසක් ඊයේ (11දා) දින නුවරඑලිය ප්රදේශයේ සංචාරයක පැමිණ ආපසු වවුනියාව දක්වා යන අතරතුර අද (12) දින පස්වරු 3.30 ට පමණ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට තරුණයන් හත් දෙනෙකු දිය ඇල්ලට බැස ඇති බවත්, එකවරම රම්බොඩ දිය ඇල්ලේ සැඩ පහර වැඩි වි තරුණයන් හත් දෙනා ගසාගෙන යන අවස්තාවේ ඉන් තරුණයන් සිව්දෙනෙකු එම ස්ථානයේ රාජකාරි සදහා යෙදවා ඇති ජිවිත ආරක්ෂක භටයින් බේරාගෙන ඇති බව ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
රම්බොඩ දිය ඇල්ල ජල පෝෂක ප්රදේශයට අද (12) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රම්බොඩ දිය ඇල්ලේ ජල පහර එකවරම වැඩි වි ඇති බවයි කොත්මලේ ප්රදේශවාසින් කියා සිටියේ.
