මෙරට රබර් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි කිලෝග්රැම් මිලියන 61.5ක දක්වා සියයට 4.9කින් පහත වැටි ඇති බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11 ක කාලය තුල මෙරට රබර් නිෂ්පාදනය කිලෝග්රැම් මිලියන 64.7කි. එම කාලයට සාපේක්ෂව රබර් නිෂ්පාදනය 2025 වර්ෂයේ මුල් මාස 11 තුල සියයට 4.9කින් පහත වැටි තිබුණි.
අධික වර්ෂාව හේතුවෙන් රබර් කිරි කැපිමේ කටයුතුවලට බාදා එල්ලවිම හේතුවෙන් නොවැම්බර් මාසයේ දි රබර් නිෂ්පාදනය පහළ යාමක් වාර්තා වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.