රුපියල් කොටියකට අධික අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (30දා) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තෑගි භාණ්ඩ පාර්සලයක් සේ සකස් කළ පෙට්ටි තුනක මෙම මත්ද්‍රව්‍ය පෙති එක්දහස් නවසිය හැට එකක් අසුරා තිබූ බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙල්ජියමේ සිට මට්ටක්කුලිය ප්‍ර‘දේශයේ ලිපිනයකට අදාළ පාර්සලය එවා ඇති අතර, පාර්සලය රැගෙන යෑමට පැමිණි 24 හැවිරිදි පුද්ගලයෙකු රේගු භාරයට ගෙන තිබේ.
සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදෙන බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.