ශ්‍රී ලංකාව මේ වන විට ණය නොගෙවා සිටීම හේතුවෙන් ආර්ථිකයේ ගැටලුව තාවකාලිකව වසා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“සමහර ඇමතිවරු කිව්වා අපිට ඇති තරම් සල්ලි තියෙනවා කියලා. ඩොලරය 190ට ගේනවා කිව්වා. ආණ්ඩුව අප්‍රේල් මාසයේ ණය ගෙවන්නේ නෑ කියලා තීරණයක් ගත්තා. විදෙස් ණය ගෙවන්නේ නැත්නම් ඩොලර් බිලියන 3.2ක් සැප්තැම්බර් වන විට ඉතිරි වෙලා තියෙන්න ඕන.
අපි ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 3.2ක් ගෙවලා නැත්නම් විදෙස් සංචිත ඩොලර් බිලියන 3.2කින් වැඩි වෙන්න ඕන. ගිය මාසයේ වැඩි වෙලා තියෙන්නෙත් ඩොලර් මිලියන 100කින්. අපි ණය ගෙවාගෙන ගියානම් අපිට තෙලුත් නෑ, ගෑසුත් නෑ, කිරිපිටිත් නෑ.
ද්විපාර්ශීවය ණය ගෙවන්නේ නෑ, අයි.එස්.බී. ණය ගෙවන්නේ නෑ. නමුත් බහුපාර්ශ්වීය ණය ගෙවනවා. මාර්තු මාසයේ ණය ගෙවමින් භාණ්ඩ හිගයක් තිබුණා. අපි ණය ගෙව්වානම් මාර්තු මාසයේ හිටියට වඩා ආර්ථිකය බරපතලයි.
රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මාර හාස්කමක් කළා වගේ විසුලු කථා කියන්න එපා.මේ ආර්ථිකයේ සමනය තත්ත්වයක් නෙමෙයි පරණ තිබුණ ගැඹුර උඩින් කඩදාසියකින් වසා තිබෙනවා.”