රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතික වස්තුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේ නොමැති බව පවසන එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සියලු පාර්ශවයන් එකතු කරගනිමින් එතුමා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බව හෙතෙම සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද (14) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමනි.
"ලංකාව මේ වනවිට ඉතිහාසයේ නරකම තැනට පත් කර තිබෙනවා. මේ රටේ ව්‍යාපාරිකයන් සියලු දෙනාම විනාශ වෙලා තිබෙනවා. මේ රටේ මධ්‍යම පන්තියත් විනාශයි. මේ රටේ පහළම පන්තියත් විනාශයි. රාජ්‍ය යාන්ත්‍රණයත් ඉවරයි. පෞද්ගලික අංශත් ඉවරයි. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය විශ්වාසය තබලා තිබෙනවා.
මට පේනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කියු දේවල් එකින් එක ඉටු කරගෙන යන බව. ඒ දේවල් ඉටුකරගෙන යනවිට අර නොගැළපෙන දේශපාලන මහජන නියෝජිතයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කෙරෙහි තබා ඇති විශ්වාසය හැම තත්ත්පරයකම වැඩි වෙමින් පවතිනවා.
ඒක රටට හොඳයි, ඒක රටට වාසි දායකයි. එක ආසනයක් තිබුණු එකත් රටට වාසි දායකයි. ගොඩක් තිබුණ නම් ගොඩක් ගැටුම් තිබෙන්න පුලුවන්. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි.
මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටීනම් අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ලැජ්ජ විය යුතුයි. වරක් එතුමා විපක්ෂ නායකවරයා ලෙස සිටින කාලේ මම එතුමත් සමඟ චීනයට ගියා.
එතුමට අමතන්න තිබුණු අවස්ථාවක එතුමට කලින් සභාව ආමන්ත්‍රණය කළේ චීනයේ ජනාධිපතිතුමා. චීනයේ ජනාධිපතිතුමන් එතුමන්ගේ කතාව බොහෝම කෙටියෙන් කතා කරලා එම කතාව අවසන් කරන්න කලින් කියනවා, මෙතැන මටත් වඩා හොඳට චීනය ගැන දන්න කෙනෙක් ඉන්නවා. එතුමාට මටත් වඩා හොඳට ලෝකය ගැන අවබෝධයක් තිබෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා එතුමා එම සභාව ආමන්ත්‍රණය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවස්ථාව ලබාදෙනවා.
ශ්‍රී ලාංකික මහජනතාව මේ අවස්ථාවේදී ඉතාම වාසනාවන්තයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකය තුළ ඉන්නවාද කියලා ශ්‍රී ලාංකිකයින් සොයා බැලිය යුතුයි.
ලෝකයේ වෙනත් රටවල් බලවත් වුණාට ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයට පත්ව සිටින්නේ ශ්‍රී ලාංකිකයින්ගේ සිතුම් පැතුම් නිසා. නමුත් එය වෙනස් කරන්න ස්වභාවධර්මයෙන්ම දැන් අවස්ථාවක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාව ඉතා කල්පනාවෙන් ක්‍රියා කළොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට නියත වශයෙන්ම ලෝකයේ ඉහළ තැනක ඔසවා තබනවා. දේශපාලනඥයෙක් විදිහට මටනම් ඒ ගැන කිසිම සැකයක් නැහැ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙල තුළ රට ඉදිරියට ගමන් කරන බව ශ්‍රී ලාංකික මහ ජනතාවට නොබෝ කාලයක් යන්නට කලින් වැටහේවී කියා මම සිතනවා.
මහජනතාවට නොපෙනන පැත්තක් මට පේනවා. එය දකින ඇතැම් අය සිටියත් ඒ අය අද නිහඬයි. මම දේශපාලනඥයෙක් ලෙස එය ප්‍රකාශ කරනවා. දන්න දේ නොකියා සිටීම වැරැද්දක් හැටියටයි මම දකින්නේ.
කෙසේ හෝ රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ලෝකයේ සිටින බලවත් නායකයෙක් මේ වෙලාවේ ලංකාව පාලනය කරනවා. එතුමා ආරක්ෂා වෙලා මෙතැනනට ආපු එක ගැන ශ්‍රී ලාංකික ජනතාව සතුටු විය යුතුයි. එම නිසා මහජනතාව හැටියට අපි ඒ සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබාදිය යුතුයි”
popular news
-
priyantha Sunday, 14 August 2022 06:26 AM
Both RANIL
Reply : 0 0
Demuni Uduwara Monday, 15 August 2022 01:26 AM
5 times Ranil has held premiership since 1993; we didn't see a national asset but liability !
Reply : 0 0
Kumar Monday, 15 August 2022 01:37 AM
Obathuma kathakaranne linday inna madiyek wageyi.
Reply : 0 0
Demuni Uduwara Monday, 15 August 2022 01:46 AM
Vajira Abeywardana, do you think we are " Kallathonis" came to Sri Lanka, yesterday !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

