"මම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනධිපතිකම ගන්න කියලා කීවේ,ඒතුමා අපි ඉහළින්ම ඔසවා තැබුවා. මම හදවතට ඒකගව කියනවා කුහක වෙන්න හොද නෑ අපිට තිබුන දුෂ්කර කාල පරිජ්චේදයකින් ගොඩදැම්මේ ඒතුමා ඉදිරියේදි මැතිවරණයෙන් නායකයෙකු තෝරද්දී කොන්ද පණ තියෙන ශක්තිමත් අභියෝග භාරගන්න පුළුවන් සුරංගනා කතා නොකරන යථාර්තවාදී නායකයෙකු තොරාගත යුතුයි" යැයි වරය හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඌවපරණගමදි පැවසීය.
වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීමට වැඩ ආරම්භ කිරීම හා ඌවපරණගම හගුන්නෑව පාලම අළුතින් ඉදිකර ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදි ජනතාව අමතමින් ඇමතිවරයා එසේ පැවසීය, මෙම පාලම් දෙක ඉදිකිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 213ක මුදලක් වැය කර තිබේ,
"මැතිවරණය තාම නෑ මුහුද හත් ගවුවක් තිබියදි අපි අඹුඩ ගහලා වැඩක් නෑ. මැතිවරණයක් ආපුවාම බහුතර ජනතාවගේ කැමැත්ත සොයා බලලා ඒ මතයත් එක්කම මේ රට රැක ගන්න පුළුවන් රට ගිනි නොතියන අයෙකුට අපි උදව් කරනවා,අපි උතරේ තිබුන එල්.ටී ටී එකටත් එදා විරුද්ද වුනා වගේම දකුණේ තියෙන ත්රස්ත්රාවාදයත් විරුද්ධයි, අද බැටළු හම් පොරවාගෙන ආවට වෘක්කයන් කවුද කියලා
මේ රටේ ජනතාව දන්නවා අද පෝස්ටර් ගහගෙන දීර්ඝ කතා කියන අයට එදා මේ රටේ නායකත්වය බාරගන්න කීවා කවුරුත් බාරගත්තේ නෑ,ඒ වගකීම අභියෝග හමුවේ බාරගත්ත ජනපතිතුමා ජනප්‍රිය තීන්දු නොව රටට අවශ්‍ය තීන්දු ගත්ත නිසායි අද රට මේ තත්වයෛන් තියෙන්නේ එතුමාට අපි ස්තුති කළ යුතුයි,
මම ප්‍රායෝගික දේශපාලකයෙකු වශයෙන් කවදාවත් බෝඩ් උස්සාගෙන පාරට බැහැලා නෑ බදුල්ලේ ජනතාව වෙනුවෙන් හැමදාම හරි තීන්දු ගත්තා,මෙවරත් ආණ්ඩුවට එකතුවී සහයෝගය දුන්න නිසා තමයි
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨය,බදුල්ල මහනුවර රජ මාවත, බදුල්ල ශික්ෂණ රෝහලක් බවට පත් කර සියලුම පහසුකම් ලබාගැනීමට මට පුළුවන් වුනා"
ප්‍රසාද් රුක්මාල්