ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනපති ලෙස පත්කර ඇති රනිල් වික්රමසිංහ මහතාටද එම ධුරයෙන් ඉවත් වන ලෙසට දැන්වීමට අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදි තිරණය කර තිබේ.
පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම වෙනුවෙන් අද පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තිරණය ගෙන තිබේ.