රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූර කිහිප වරක් හෙබවූ අත්දැකීම් ඇති පරිණත දේශපාලකයකු බවත් ඔහුගේ යෝජනා වලට කන් දීමට සූදානම් වුවත් ඔහුට අගමැති ධුරය පිරිනැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සභා නායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .
අමාත්‍යවරයා මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඊයේ (30දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එය බව පැවසීය . එහිදි වැඩිදුරටත් මෙසේද පැවසීය .
අගමැති ධුරය භාරගන්නා ලෙස කිසිදු අවස්ථාවක රජය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර නැහැ .
ඔහු දක්ෂ පරිණත දේශපාලකයෙක් . ඔහුගේ අදහස් යෝජනා වලට අපි කන් දෙන්න සූදානම් . පසුගිය මහ මැතිවරණයේ දී රටේ ජනතාව ඔහුට ලබා දුන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් .
රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් පුද්ගලයන්ට චෝදනා කිරීමට පෙර චෝදනා කළ යුත්තේ ස්වභාවධර්මයා ටයි . කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අර්බුදයකට පත්වුණා . විදේශ විනිමය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීමට මිත්‍ර රටවල සහාය ලැබී තිබෙනවා .
රජය සතු බහුතරය නැති කරන ප්‍රකාශ වල වලංගු භාවයක් නැහැ . ආණ්ඩුවේ බහුතරය කිසි ලෙසකින් හෝ සෙලවිය නොහැකියි .
මේ අවස්ථාවේ කළ යුත්තේ ආණ්ඩුව ඇමති ධූර අඩු කිරීම නොව වඩාත් ඵලදායි ලෙස සක්‍රියව වැඩ කිරීම බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න