නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවිමේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව මෙතෙක් අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ 04 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.
ඒ හේතුවෙන් පළමු අසුන් සිටි රමේෂ් පතිරණ මහතා 20 වැනි ආසනය දක්වාත්, 04 වැනි අසුනේ සිටි චමල් රාජපක්ෂ මහතා 09 වැනි ආසනය දක්වාත් වෙනස් කර තිබේ.
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ 20 වැනි ආසනයේ මෙතෙක් සිටි චන්න ජයසුමන මහතා දෙවැනි පෙළ අසුනක් දක්වා මාරු කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ අසුන්ගෙන සිටි 13 වැනි ආසනය හිස් වූ අතර එම ආසනය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැනවීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ නව කැබිනට් අමාත්‍යවරු පත්වන තෙක් සෙසු ආසන වෙනස් කොනරක ලෙසද පාර්ලිමේන්තුවට උපදෙස් ලැබී තිබේ.