හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබා දී තිබේ.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහා මේ ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිට ඇත.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද ප්‍රකාශ ලබා දී ඇත.