රන් මාල හොරා කැමරාවේ
හැටන් නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි වෙලදසැලකට පැමිණි පුද්ගලයෙකු රන් මාලයක් මිලදී ගැනිමට අවශ්‍ය බව පවසමින් රු.283000/= වටිනා පවුම් තුන්කාලක් වටිනා රන් මාලයක් මිලදි ගන්නා මුවාවෙන් එම රන් මාලය රැගෙන පලා ගොස් ඇත.
එම සැකකරු (20) දිනයේද එම වෙළදසැලට පැමිණ එම රන් මාලය පරික්ෂා කර බලා මිල ගණන්ද විමසා (21) දින එය රැගෙන යැමට එන බව පවසා පිටව ගොස් (21) දින එම වෙළදසැලේ සේවිකාවන් දෙදෙනෙකු පමණක් සිටින අවස්ථාවේ රන් මාලය මිලදී ගැනීමට පැමිණි බවත්, බිරිද මුදල් රැගෙන ඒමට බැංකුවට ගොස් ඇති නිසා එම රන් මාලය යලිත් තමන්ට පෙන්වන ලෙස සේවිකාවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සේවිකාවන් විසින් රන් මාලයට අදාළ මුදල ලබා ගැනීමට රිසිට්පතක්ද ලියා සැකකරුවෙත රන් මාලය ලබා දුන් අවස්ථාවේ සැකකරු අද පස්වරු 2:25ට පමණ රන් මාලය රැගෙන පලා ගොස් ඇත.
සැකකරු විසින් රන් මාලය පරික්ෂා කරන අයුරු එම ස්වර්ණාභරණ වෙළදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ ඡායාරූප පමණක් සටහන් වී තිබුණි.සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත්, සැකකරු පිලිබද තොරතුරු වෙතොත් හැටන් පොලිසිය වෙත දැනුම් දෙනලෙස එම ස්වර්ණාභරණ වෙළදසැලේ අයිතිකරු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

