කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසියට අලුත් අයෙක් බවත් නිලධාරියකු පැවැසීය
කොල්ල කෑමට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය මඟින් සොයාගෙන ඇත.
වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඉකුත් 20 වෙනි දින කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණ තිබූ මෙම සැකකරුවන් සිව්දෙනා මාර්ගයක් අසල මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
එම තරුණයා මේ පිළිබඳ ඉකුත් විසි එක් වෙනි දින සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කිරීමේදී කොල්ලකෑමට පැමිණි තිරෝද රථය මාලබේ පොලිසිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකුට අයත් ත්‍රීරෝද රථයක් බවට අනාවරණ වූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බි ජි එස් ජයමහ මහතාගේ උපදෙස් මත තව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ කේ සුභාෂණ කතා ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග පොලිස් පරීක්ෂක ලාල් මහත්තුරු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
|