දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්රාත්තුව ලබා දුන් පුද්ගලයා වසර නමයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි වාසනා පැටී නැමැත්තාය.
ඝාතනයට ලක්ව තිබුණේ වීරකැටිය ප්රදේශයේ රොෂාන් මදුෂංක හෙවත් රන් මල්ලි නැමැත්තෙකි.
2013 මැයි 6 වෙනි දින ඝාතනය සිදුවී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරිණි.
ඝාතනයට ලක්වූ රන් මල්ලි නැමැත්තා දිනෙන් දින දියුණු විම නොරිස්සූ සැකකරු මෙම කොන්ත්රාත්තුව ලබා දී තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.
සැකකරුගේ උපදෙස් මත ඝාතනය සිදුවීමෙන් අනතුරුව එම දිනවල ම කොළඹට පැමිණ තිබූ සැකකරු පසුව මාතර ට පැමිණ පැරණි විවිධ භාණ්ඩ එකතු කරන පුද්ගලයකු මෙන් වෙස් වලාගෙන කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව මාතර කොටුවේගොඩ ප්රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරුට වෙඩි තැබීමට පැමිනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.