පිලියන්දල හල්පිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී ගෙළට උල් පිහි තබා මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑ පස් දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක් සහ මිරිස්වත්තේ කුඩු බුවා නමැත්තාද වන බව පොලිසිය කියයි .
එලෙස කොල්ල කන ලද රන්මාල කරාබු සහ අත් පළඳනා පොලිසිය මඟින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ඔත්තු බැලූ සහ රන්භාණ්ඩ විකුණු පුද්ගලයන් ද වන බව පොලීසිය කියයි.
ඉකුත් මස 16 වැනි දින රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී තිබූ සැකකරුවන් ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියගේ ගෙළට උල් පිහියක් තබා මරණීය තර්ජනය කර කොල්ලය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කොළොත් මරා දමන බවට ද නිවසින් පිටව යාමේ දී කොල්ල කරුවන් පැවසීම හේතුවෙන් බියට පත්වූ ව්‍යාපාරිකයා එම කොල්ලය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලද්දේ මෙම මස 6 වන දින බවත් පොලිස් නිලධාරියකු පැවැසීය
කොල්ල කන ලද රන් භාණ්ඩ අලුත්ගම සහ මහරගම ප්‍රදේශ වලට උකස්කර තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුම දෙනාම තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ය.
සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
