බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද පෙරවරුවේ රන්ජන් රාමානයක මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“විශේෂයෙන්ම අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා හෙට දිනයේදී එතුමට පූර්ණ නිදහස ලැබෙයි කියන කාරණය. වැටුප්, ලැබෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම පොදුජන සේවාව වෙනුවෙන් කැපකළ වීරෝධාර නායකයෙක් ලෙස අවංකවම බලාපොරොත්තු වෙනුවා එතුමාට හෙට දවසේදී පූර්ණ නිදහස ලැබෙයි කියලා.
නිදහස ලබාදීමේදී අපේ බලාපොරොත්තුව පූර්ණ නිදහසක්. පුරවැසියෙක් සතු සම්පූර්ණ අයිතිවාසිකම් සතු අංගසම්පූර්ණ නිදහසකට රංජන් රාමනායක මැතිතුමා හෙට දවසේදී නිදහස් විය යුතුයි කියන එක අපේ අදහස.
ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී කාරුණික වෙලා. මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදී විශේෂයෙන්ම මේ මානව හිතවාදියාව ඒ නිදහස් කරන ලැයිස්තුවට ඇතුළත් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”