බර වාහන ධාවනය නවතා දමා තිබු නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ගය කොටසේ බර වාහන ධාවනය කිරීම සඳහා අද (08දා) සිට අවසර ලබාදීමට පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
පසුගිය ජනවාරි මස 20 දින මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරකින් හත් දෙනෙකු මිය ගොස් පනස් තුන් දෙනෙකු තුවාල ලැබීමත් සමග මෙම මාර්ග කොටස බර වාහන ධාවනයතාවකාලිකව නවතා දමා තිබු බවද ගලබොඩ මහතා කීය.
නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටසේ ටොන් පහට වඩා අඩු බරකින් යුත් සෑම වාහනයකටම මේ අනුව ධාවනය කිරීමට ඉඩ ලබාදීමට පියවර ගෙන ඇති බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලීසිය එකතුව එම මාර්ගයේ රථ වාහන ධාවනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන බවත් ගලබොඩ මහතා කීය.
මෙම මාර්ග කොටස ටොන් පහට වඩා අඩු බරකින් යුතු රථ වාහන ධාවනය කිරීම සඳහා අවසර ලබා දී තිබුණද එම මාර්ග කොටසේ රථවාහන ධාවනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් කිරීමටද පියවර ගෙන ඇති බවද නුවරඑළිය දිසත්රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ
