රිදියගම සිංහ ධේනුවක් පැටවුන් තිදෙනෙකු බිහිකරයි
රිදියගම සෆාරි උද්‍යානයේ 'ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
මේ වන විට අවස්ථා හතරකදී සිංහ ධේනුවන් දෙදෙනකු විසින් පැටවුන් බිහිකර තිබෙන අතර මිට 'ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් 2017 වර්ෂයේදී පැටවුන් සිවු දෙනකු මෙන්ම ඊට අමතරව සහරා නමැති සිංහ ධේනුව විසින් 2016 වර්ෂයේදී පැටවුන් 02 දෙනකු බිහි තිබේ.
නමුත් සහරා පැටවුන්ට කිරි නොදීම හේතුවෙන් එම පැටවුන් දෙදෙනා මියගොස් තිබේ. එමන්ම 2018 වර්ෂයේදී නැවතත් එම සිංහ ධේනුව විසින් පැවුන් දෙදෙනකු බිහිකර තිබෙන අතර ඉන් එක පැටවෙකු මියගොස් ඇති අතර අනෙක් සිංහ පැටියා රිදියගම රිදියගම සත්වෝද්‍යානයේ නිලධාරීන් කිරි දී හදාගෙන තිබේ.
පසුගිය 17 වනදා පැටවුන් තිදෙනෙකු බිහිකළ 'ෂිනා'' නැමති සිංහ ධේනුව වයස වුරුදු 02දි පමණ ජර්මනියේ සිට රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානයේ වයස අවුරුදු 04ක් පමණ වන තෙක් සිට පසුව රිදියගම සත්වෝද්‍යානය වෙත ගෙනවිත් තිබේ.




popular news
-
janahitha Sunday, 29 November 2020 02:05 PM
ipaduna LTTE samajikayan sadarayen adarayen piligannava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

