රථවාහන වැරදි කියන්න විශේෂ වට්ස්ඇප් අංකයක්
වාහනවල රියදුරන් යම් වරදක් සිදුකරනවානම් ඒ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හදුන්වාදී ඇති බව පොලිසියේ මාර්ග ආරක්ෂාව, රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවැසීය.
"අනතුරු වලක්වා ගැනීම සඳහා ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙල කාලීන අවශ්‍යතාවයක්. අධිවේගී මාර්ගවල පැයකට කිලෝමීටර් සියයක වේග ධාවනයේ යෙදෙන වාහනවල රියදුරන් සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන බඳ පටි පැළඳීම අත්‍යවශ්‍ය සාධකයක්. රියදුරු, ඉදිරිපස අසුන පමණක් නොව පසුපස අසුන්වල සිටින මගීන් ද බඳ පටි පැලඳීම තුළින් අනතුරකදී සිදුවන හානි අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.
අධිවේගී මාර්ගයේත් මහාමාර්ගයේත් ධාවනයේ යෙදෙන වාහනවල රියදුරන් යම් වරදක් සිදුකරනවානම් ඒ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලබාදී තිබෙනවා. එය සෘජුවම රථවාහන මූලස්ථානයට යොමුවී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. 070-4755600 දුරකථන අංකයට Whatsapp මගින් සම්බන්ධ වීමෙන් මහජනතාවට මෙම පැමිණිලි සිදුකල හැකියි. රථවාහන වැරදි සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
