රට විනාශ කළේ රාජපක්ෂලා බවත් රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍ය තාවයක් නොමැති බවත් සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයජයේ මුදල් සියල්ල නැවත ලබාගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) දඹුල්ලේ දී පැවසීය.
ජාතික සමගි ජනබලබලවේගයේ දඹුල්ල , ගලේවෙල, සහ පල්ලේපොල ප්‍රාදේශීය සභා හා මහ නගර සභා අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල ආසන සංවිධායක යු .ආර් . දයානන්ද සිරි මහතා සංවිධානය කරන තිබූ න රැලියකට දඹුල්ල නිස්සංක පිටියේදී එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය
අධික වැසි සහිත තත්ත්වයක් මත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි .මෙහිදී දහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභාවල කිසිදු සභාපතිවරයකු ට උප සභාපතිවරයෙකු ට මන්ත්‍රීවරයෙකුට කිසිදු කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ නොතබන බවය. තම පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයෙක් එයින් ඉවත් කර දමන බවද හෙතෙම සඳහන් කළේය
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ 74 වස්රක දේශපාලන තත්ත්වය ගැන චෝදනා කරන බවත් එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනි කාලයේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම මේ රටේ ඇමතිකම් දැරූ බව ද ඒ අනුව උනුත් එකයි මුනුත් එකයි නොව උනුත් එකයි මුනුත් එකයි අපිත් එකයි යනුවෙන් රතු මල්ලිලා කිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.