රත්වූ ස්ත්රික්කයකින් බිරිඳව පිළිස්සූ සැමියා අත්අඩංගුවට
රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූයේ හාලිඇල රොසට් වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සැකකරුගේ බිරිඳ වන ඉහත ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තිදරු මවකි.
ඇය රෙදි මදිමින් සිටින අතර සැමියා සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇය අතවූ රත්වූ ඉස්තිරික්කය උදුරාගත් සැමියා මෙම පිලිස්සීම සිදුකළ බව පැවසෙන අතර ඇගේ මුහුණ, ගෙල හා පිට ප්රදේශය පිලිස්සීමට ලක්ව තිබේ.
මෙම අඹුසැමි යුවල අතර සුළු සුළු හේතු මත පවා නිරන්තරයෙන් ආරවුල් ඇතිවන අතර එහිදී බොහෝවිට වින්දිත කාන්තාව පහරකෑමට ලක්වන බවද ඇගේ සිරුරේ මීට පෙර සිදුවූ පිලිස්සුම් කීපයක තුවාල කැළල් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
හාලිඇල- විජේරත්න රත්නායක
popular news
-
Kusumalatha Wednesday, 21 December 2022 04:44 AM
2006 පමණ කාලයේ ඔය ප්රදේශයට ආසන්න දිස්ත්රික්කයේ බලවන්තියක් අනාචාරයේ හැසිරීමට උරනවූ සැමියා ඇගේ සිරුරේ තැනක් රත්වූ ස්ත්රික්කයෙන් මැදපුනිසා කාලයක් කොළඹ රෝහලේ සිට ආවෙ සිල්වා අංකල්ගෙ උදව්වෙන් දිස්ත්රික්කයේ ප්රධාන නගරය වෙතට කියලා දන්නෝ දනිති පෙන්සන් ගියත් තවත් දිගුකලක් කොන්ත්රාත් කලා කියලා දන්න අයත් ඉන්නවා ඕකට ඉතින් දුප්පත් පොහොසත් කියලා ලොක්කො සොක්කො කියලා භේදයක් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

