රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතර අගුරුවාතොටකෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එම ගිනි අවිය සහ උණ්ඩ සහිත මැගසින් සොරාගත් බව කියන ගුවන් හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ඉකුත් විසි වෙනි දින මෙම සොරකම සැකකරු විසින් සිදුකර තිබිණි.තාවකාලික අවි ගබඩාවට ගියත් නිලධාරයෙකු බාරදී තිබූ මෙම ගිනි අවිය සහ ජීව උන්ඩ සැකකරු ව්‍යාජ සටහන් යොදා ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සැකකරුට අයත් තීරොද රථය තුළට ගිනි අවිය රැගෙන ඒමෙන් පසු කොටස් කිහිපයකට කඩා ත්‍රිරෝද රථයේ බපල් පෙට්ටිය තුළ සඟවා අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයට රැගෙන ගොස් එළවළු කොටුවක වල දමා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය කියයි.
වසර 16 ක සේවා කාලයක් සපුරා තිබෙන සැකකාර සැරයන්වරයා සේවයෙන් ඉවත්වීමට අවස්ථා දෙකකදී ඉල්ලුම් කලත් එය ලබා නොදීම හේතුවෙන් සිදුකළ බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බවත් කිසියම් ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය රැගෙන ගියාද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවත් පොලිස් නිලධාරියෙකු කිය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් පුද්ගලයකු වන අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.