රත්මලාන ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවල් තුනක් කෝටි දෙසීයකට අධික දැවැන්ත අලාභයක් පසුගිය වසර හතර තුල දී ලබා ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවේ.
රත්මලාන ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති අලාභය රුපියල් කෝටි 169 කට අධික වන අතර පසුගිය වසරේ දී ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික වන බව වාර්තාවේ සඳහන් වේ.
අනෙක් ගුවන්තොටුපළවල් වන්නේ යාපනය සහ මඩකළපුව යි.