හුංගම පොලිස් බල ප්‍රදේශයේ රන්න වාඩිගල වලව්මහත්තයාගේ ආර ප්‍රදේශයේ නිවසකදී යුවළක් අද අලුයම් කාලයේ ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ඇත්තේ රන්න කහ මෝදර කැලණිගම ප්‍රදේශයේ පදිංචි විජේසේකර ආරච්චිගේ පසිදු හේෂාන් (28)නොහොත් බෝ පසිඳු නමැති අයෙකු හා ඔහුගේ අනියම් බිරිද වූ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි ඉමාෂා මදු භාශනී (27) නමැති තිදෙරු කාන්තාවක්වේ.
ඝාතනයට ලක්වූ කාන්තාව මිට දින හතරකට පමණ ප්‍රථම මෙම නිවසට පැමිණ ඇති අතර පසිදු හේෂාන් නමැති නමැති අය පැමිණ ඇත්තේ පසුගිය 06 වනදා සවස බව ගෙහිමි කාන්තාව පොලිසියට පවසා තිබේ.
ඝාතනයට ලක්වූ බෝ පසිඳු නමැති තැනැත්තා ඝාතනයට ලක්වූ කාන්තාවගේ පෙර සිටි අනියම් සැමියාව 2024 වර්ෂයේ මාර්තු මාසයේදී වෙඩිතබා ඝාතනය කිරීමට අදාලව සැකකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාඝාර ගතකර සිට අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිට ඇති අතර පසුව මිට මස හයකට පමණ පෙර නැවතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්දියකට හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර මාස හයක් රක්ෂිත බන්ධනාඝාර ඝතකර සිට මිට දින කීපයකට පෙර ඇප ලබා පැමිණ සිටියදී නැවතත් ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබු වරෙන්තුවකට අනුව පසුගිය 05 වනදා අත්අඩංගුවට ගෙන පසුව පසුගිය 06 වනදා ඇපලබා එදිනම සවස තම අනියම් බිරිද සිටින මෙම නිවසට පැමිණ තිබේ.
බෝ පසිඳු සහ ඔහුගේ අනියම් බිරිද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ද අධිකරණයෙන් චොදනා ලැබ ඇප පිට සිටින අය බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම මෙම ඝාතනය, ඝාතනයට ලක්වූ ඉමාෂා මදු භාශනී(27) නමැති කාන්තාවගේ මිට පෙර අනියම් සැමියා ලෙස සිටි අපරාධ රැසකට සම්බන්ධ සමරවික්‍රම කඩවත ආරච්චිගේ සමන්කුමාර නොහොත් බින්දු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු විසින් සිදුකර තිබෙනබව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර, ඒ අනුව රන්න ප්‍රදේශයේ නිවසක සඟවා සිටියදී අදාල ප්‍රධාන සැකකරුවන බින්දු නමැති පුද්ගලයා හුංගම පොලිසිය හා අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අදාල සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරිමකින් අනතුරුව මෙම ඝානතනය සම්බන්ධ බින්දු නමැති ප්‍රධාන සැකකරුගේ මල්ලි සහ තවත් අයෙකු තංගල්ල කොට්ටාශ අපරාධ හා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අනෙක් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වනු ලැබේ.
මෙම ඝාතනය සිදුකරනු ලැබූ බින්දු නමැති සැකකරු ඝාතනයට ලක්වූ බෝ පසිඳු නමැති අයගේද මිතුරෙකුව සිට පසුව මෙම කාන්තාව සම්බන්ධ සිදියක් මුල්කරගනිමින් ඔවුන් විරසක වී ඇති අතර පසුව බින්දු නමැති අය විසින් මීට පෙරද බෝ පසිදුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට තැත්කර ඇතත් හිසේ බරපතල තුවාළ ලබා බෝ පසිදු දිවි ගලවාගෙන තිබේ.
ඝාතනය සිදුවූ නිවසේ කාන්තාවගේ සැමියාද මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාඝාර කර ඇති අතර එම තැනැත්තා මෙම ඝාතනය සිදුකල බින්දු නමැති අයගේ මිතුරෙකු බවද පොලිසිය පවසනවා. කෙසේ නමුත් නිවසේ හිමිකාරිය පවසන්නේ ඊයේ (06) රාත්‍රී දොළහයි තිහට පමණ පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඝාතනයට පැමිණි බවයි. ඔවුන් මුහුණු ආවරණය කරගෙන සිටි බවද ඇය මිලුන් ප්‍රකාශ කලත් පසුව බින්දු නමැති සැකකරු හඳුනාගත් බව ඇය පොලිසියට පවසා තිබේ. කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධව හුංගම පොලීසියට සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා
මෙම ඝාතන සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අගුණකොල පැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ, මහේස්ත්‍රාත් එරන්දි හේවාවසම් විසින් සිදු කරන ලද අතර ස්ථානීය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් සිදුකරන ලදී.
