රත්නපුර දිස්ත්‍රික්කයේ අද (28දා) දින තුල ඉන්ධනහල් කිපයකම ඉන්ධන නොමැතිකම හේතුවෙන් රථවාහන හිමියන් ඇතුළු ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
මෙසේ ඉන්ධන නොමැති වුයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පිහිටි ප්‍රධාන නගර කිපයක් වන කහවත්ත, මාදම්පේ, ගොඩකවෙල සහ පල්ලේබැද්ද යන නගර තුලය.
රත්නපුර සිට කිලෝ මිටර් හතළිහක් පමණ එකම මාර්ගයේ පිහිටි කිසිදු ඉන්ධනහලක ඉන්ධන නොමැති විම හෙතුවෙන් රථවාහන හිමියන් මෙන්ම ගොවීන් ඇතුළු ඉන්ධන භාවිතා කරමින් විවිධ වෘත්තින් වල නිරත ජනතාව දැඩි අපහසුතාවයට ලක්වුහ.
ඇතැම් ඉන්ධනහල් තුල පාරිභොගිකයන් වෙත සිමාකර ඉන්ධන ලබා දුන්නත් එය ලබා ගැනිමට දිගු පොලිම් තිබු අතර ඉල්ලුමේ ප්‍රමාණයට සැපයුම නොමැතිකම මත කෙටි කාලයක් තුල එම ඉන්ධන පිරවුම්හල් තුලද ඉක්මනින්ම ඉන්ධන නොමැති විය.
මෙම හිගය හෙතුවෙන් ඉන්ධන පමණක් නොව විදුලිය , බෙහෙත් වර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෝහොමයක් වෙළදසැල් තුල නොමැති බවත් රටේ ජනතාව විශාල පීඩනයකට මෙම ආණ්ඩුව පත් කර ඇති බව ජනතාව පවසති.
අත්‍යවශ්‍ය සේවාවන ඉන්ධන සහ විදුලිය නොමැතිකම මත මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික කටයුතු සියල්ල අඩාලව තිබේ.
ගොඩකවෙල-ඩබ් ඒ පියතිලක


