දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර නගරයේ පහත් බ්ම් රැසක් ජලයෙන් යටව තිබේ. කළු ගඟේ ජල මට්ටම් අද පස්වරු තුන පමණ වන විට සුළු ගංවතුර තත්ත්වය ඉක්මවා ගොස් තිබුණි.
රත්නපුර බටුගෙදර ,දිමියාව ,දම්බුළුවන ,ඇලපාත ආදි ප්රදේශවල අතුරු මාර්ග ද මේ වන විට ජලයෙන් යටවි ඇති බව රත්නපුර දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටුව පවසයි.
අධික වැසි නිසා රත්නපුර දිස්ත්රික්කයේ ස්ථාන කිපයක පස් කදු කඩාවැටිම්ද වාර්තා වි තිබුණි. කළු ගඟේ සවිකර තිබෙන රත්නපුර, මුවගම ජල මාපකයට අනුව, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස සලකන්නේ (Alert Level) මීටර් 5.2 කි, සුළු ගං වතුර ( Minor Flood) තත්ත්වයක් ලෙස සලකන්නේ කළු ගඟේ ජල මට්ටම මීටර් 7.5 ක් වූ විටය, මහ ගං වතුර තත්ත්වයක් (Major Flood) ලෙස සලකන්නේ මීටර් 9.5 ක් වූ විටය, අති විශාල ගං වතුර තත්ත්වයක් (Critical Flood) ලෙස සලකන්නේ මීටර් 10.5 කදි බව රත්නපුර දිස්ත්රික් ආපදා කළමනාකරණ මද්යස්ථානය පවසයි.
රත්නපුර ලසන්ත නිරොෂණ පෙරේරා
