ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (අගෝ. 08) දින රත්තනගොල්ල - ඉඹුල්පේ, බලංගොඩ ප්‍රදේශයේ ඇති වූ හදිසි ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්ෂණික මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගුවනින් සහාය වීමේ අරමුණින් බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් මගින් ගුවනින් වතුර හෙළීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. තවදුරටත් ගින්න පැතිරීම වැළැක්වීමේ හා හානි අවම කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ සම්බන්ධීකරණය යටතේ අදාළ වනාන්තර ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම ගිනි නිවීමේ ගුවන් මෙහෙයුම දියත් කරන ලදී.
හදිසි ආපදා තත්වයන්හිදී ක්ෂණිකව හා අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් කඩිනම් ආපදා ප්‍රතිචාර දැක්වීමට මෙන්ම අප රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ කැපවීම මෙම මෙහෙයුම ඔස්සේ යළිත් අවධාරණය කෙරේ. එම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සහ හදිසි ආපදා සහන සේවා කණ්ඩායම් සමඟ සහයෝගයෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට සිදු කෙරේ.
