රත්ගම පොලිස් වසමේ කටුපොල්කෑල්ල ප්රදේශයේදී 2026.09.28 දින රාත්රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කැලෑබද ප්රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදු කර පලාගොස් ඇති බවට රත්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රථිකාර සඳහා රත්ගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රථිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 32ක් වන රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.