රත්ගම දේවපතිරාජය දින නියමයක් නොමැතිව වසයි
- 27 04 2021
- 09:26
- {{hitsCtrl.values.hits}} views
- ..
රත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27දා) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය කියයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් නිසා රත්ගම ඉබුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමත් සමගම මේ පියවර ගත් බවද එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
දේවපතිරාජ විද්‍යාලය එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා තිබීම නිසා මේ පියවර ගත් බවද ඔහු කීවේය.
රත්ගම ඉබුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් නිදහස් කිරීමෙන් පසු මේ විදුහල විවෘත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා කීවේය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
