උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් අද (17) දින රාත්රි මීට සුලු මොහොතකට පෙර උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල හෙයින් ජලාශය ට පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් ආරක්ෂිතව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා දැනුම් දෙයි .
ඉකුත් දින කීපය මුලුල්ලේ පතිත වූ වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම සීග්රයෙන් ඉහළ ගිය බවත් , ජලාශයේ රදවා ගත යුතු ප්රමාණයට වඩා ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් මෙසේ මීටර් 0.1 බැගින් ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල බවත් හෙතෙම කීය .
ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ද මෙම ජල පහරින් යටවී යන හෙයින් එම ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් දැනුම් දී සිටි .
ඇල්ල ප්රසාද් රුක්මාල්