රන් භාණ්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතය’ සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
මැයි මස 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70%ක උපරිම සීමාවකට යටත් විය යුතු බව මහ බැංකුව දැනුම් දෙයි.
මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම්, රන් ණය සහ රන් භාණ්ඩ ඇපයට තබා ගනිමින් ලබා දෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වලංගු වන බව ද එහි වැඩි දුර සඳහන් කිරීමක් කොට ඇත. ( IJ )