රණවිරුවා කියන්න ජනාධිපතිටයි ආණ්ඩුවටයි කොන්දක් නෑ
"අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ. ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ ආත්ම ශක්තියක් නෑ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින සිදුකළ පාර්ලිමේන්තු කතාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, "අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්නම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට එක පිළිගන්න හයියක් නැත්නම් ආත්ම ශක්තියක් නැත්නම් ඔබතුමන්ලාගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව ගැන ප්‍රශ්නයක් තියෙනවා.
හැබැයි ඔබතුමන්වත් සමරනවනෙ කට්ටිය හැබැයි එහෙම සැමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්යායපත්රයට අපි මොකුත් කියන්නෙ නෑනේ.ඒක ඔබේ දේශපාලනය .හැබැයි අඩුගානේ යුද්ධය අවසන් කරන්න කැප වෙච්ච රණවිරුවන්ව ජාතික දිනයේදීවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්නම් එතනින් එහාට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන කතා කරලා තේරුමක් නැහැ.
ආගමික නායකයන්ට ඇහුකම් දෙන්නේ නැහැ.අද කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයන්ව විවේචනය කරනවා.ඒක ඔබතුමන්ලාගේ ලෝකයේ ආඩම්බරය වෙන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්.හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නෑ.ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදියි.වැරැද්දක් වැරැද්දක් විදියට පිළිගන්න නිහතමානී වෙන්න.ඔබතුමන්ලා ජීවත් වෙන ලෝකයේ ඒක මහා ලොකු ආඩම්බරකමක් වෙන්න පුළුවන් කාරණයක් වෙන්න ඇති. හැබැයි සාමාන්‍ය සමාජයේ සිවිල් සමාජයේ ඒක එහෙම නැහැ.ආගමික නායකයන්ට ඇහුම්කන් දෙන්න ආණ්ඩුව පුරුදු වෙන්න ඕන"
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

