රණවිරුවන්ට දුන් පොරොන්දු ඉටු කරන්න
" රට දැය බේර ගත්ත රණවිරුවන්ට සුභ සාධනය සැලසීම අපේ ප්‍රධාන කාර්යය භාරයයි. රණවිරු සුභ සාධනයට අපි මුල්තැන ලබා දෙන්න ඕනේ. කොරෝනා පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ඉදිරියෙන්ම කටයුතු කරන අපේ සෞඛ්‍ය අංශයත්, ආරක්ෂක අංශයත් යන දෙකටම පෞද්ගලික ආරක්ෂක මෙවලම් උපකරණ ලබා දීම රජයේ වගකීම සහ යුතුකමයි.
ඒවා පිළිවෙලකට ලබා නොදීම තුළ තමයි අද ආරක්ෂක අංශයේ සිය ගණනක් කොරෝනා ව්‍යසනයට ගොදුරු වී තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයටත්, රණවිරු අංශයටත්, ආරක්ෂක අංශයටත් කොරෝනා මෙහෙයුමේ ඉදිරිපෙළ කණ්ඩායම් වල සිටින ඒ කැපවීම් කරන ඒ සෑම දෙනාටම පෞද්ගලික ආරක්ෂක මෙවලම් ලබා දෙන්නට වහාම රජය කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ඒ වගේම අද වන විට ආබාධිත රණවිරුවන්ගේ ජන ජිවිතය ඉතාමත්ම දුක්ඛිත තත්වයකට පත්වෙලා තිබෙනවා. රට වෙනුවෙන් කැපවීම් කරලා ඇස් හිස් මස් ලේ ඉන්ද්‍රයන් අවයව පරිත්‍යාග පරිත්‍යාග කරපු රණවිරුවන්ට ඒ පොරොන්දු වූ දීමනා ටික ලබා දෙන්න. රණවිරු ස්වාමිපුරුෂයන් අහිමි වුණු එ් බිරින්ඳැවරුන් සිටින පවුල් වලට ලබා දිය යුතු අධාර ,උපකාර, වේතන වැටුප් ලබා දෙන්නට කටයුතු කරන්න.
මේ රණවිරුවන්ගේ යුතුකම් ඉෂ්ඨ කරනවා කිව්ව පොරොන්දු ක්‍රියාවට නන්වන්න. කොරෝනා නිසා අබාධිත රණවිරුවන්ගේ ජන ජිවිතය තව දුරටත් හානියට ලක් වෙනවා. ඒ අයගේ සුභසාධනය වෙනුවෙන් කැපවෙන්න. මේ රටේ ජීවය ප්‍රාණය රණවිරු ප්‍රජාව. මේ රණවිරුවන් සුරකින්නට ඕනේ. අබාධිත රණවිරු ප්‍රජාව මේ රටේ විරුවන්, රටේ ඉතිහාසය රන් අකුරින් ලියැවෙන්නේ මේ ආබාධිත රණවිරුවන් නිසයි.
ඔවුන්ගේ සුභසාධනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි.මට මතකයි කොටුව ප්‍රදේශයට ඇවිල්ලා එදා උද්ඝෝෂණයක් කරා ඒ උද්ඝෝෂණයේදී අබාධිත රණවිරුවන් ඉල්ලීම් ඉදිරිපත් කරා. පොරොන්දු වුණු ඉල්ලීම් ටික එලෙසම ක්‍රියාත්මක කරනවා කියලා කරපු ප්‍රකාශ දැන් ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තිබෙනවා. කැපකිරීම් කරපු රණවිරු පවුල් වල බිරින්ඳෑවරුන් මම එදා හමුවුණා අබාධිත රණවිරුවන් හමුවුණා .
මියගිය රණවිරුවන්ගේ පවුල් වල සමාජිකයන් හමුවුණා ඒ සැම දෙනාගේම සුභසාධනය වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම මුදල අපි ලබා දෙන්නට ඕනේ. මේ රණවිරුවන් නිසා තමයි රට දැය ආරක්ෂා වන්නේ . රණවිරුවන්ට පොරොන්දු වුණු ආකාරයට ඒ සියලු දෙනාගේ ප්රතිලාභ ටික නොපිරිහෙලාම ලබාදෙන්නට කටයුතු කරන්නයි කියලා වර්ථමාන රජයෙන් ඉල්ලිමක් කරනවා. " යනුවෙන්ද පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

